Friday, February 3, 2017

Musex කොලම

මඩු වලිගෙන් තැලෙන්නට පෙර music video වලට හරි බ්‍රා එක අන්දවමු.
නව පරපුරේ ගීත එන්නේ වක්කඩේ කැඩුවා වගේය. සල්ලි තිබෙනවා නම් ඕනෑම එකෙකුට ඕනෑම කුණුහරුපයක් කියා views ලබා ගත හැකිය.

එන්රිකේ ලංකාවට ආවට පස්සෙ එන්රිකේටත් වඩා ජනප්‍රිය වූ දෙකක් තිබුණේය. එකක් නම් බ්‍රා එකයි. අනෙක නම් මඩු වලිගයයි . අපේ ජනාධිපතිතුමා music video නොබලන නිසා හොඳය. ( උපකල්පනය කරමි)  නැත්නම් music video කරන උන්ටත් වෙන්නේ මඩු වලිගෙන් තැලුම් කන්නටය.දැන් අපි හරි තැනට ඇවිත්ය. Music video ; මා පුරුද්දක් වශයෙන් music video බලන්නේ නැත. ඒ අකමැත්‍තක් නිසා නොව බලන්නට පිරියක් නැති නිසාය. ඒ ප්‍රයිවට් බස් කාරයෝත් music video නග්ගලා ගන්න try කරන ඇතැම් රූපවාහිනී නාලිකාත් නිසාවෙනි.
Music videos පෙන්නුවාට කිසිම අවුලක් නැත. අවුල ඇත්තේ නැවත නැවත එකම කතාවම කියමින් අපේ කාලය නාස්ති කිරීම හා රසවින්දනය මොට කිරීමය. එකිනෙකාගේ රසවින්දනය වෙනස්ය. එහෙත් වර්තමාන music video කලාවේ  ඇත්තේ රසවින්දනයද නැතිනම් ස්වයංවින්දනය දැයි ගැටළුවකි . ඒ පැත්තෙන් බැලුවොත් එක එකා ස්වයංවින්දනය කරන ආකරයද වෙනස්ය.  සේරම වෙළඳ භාණ්ඩ වූ සමයෙක එයට ද ගැලවීමක් නැත. තත්ත්වය සාධාරණය. එහෙත් ගැටළුව නම් වෙළඳපොළ ඉලක්ක කරගෙන ඕනෑම කුණුගොඩක් පෙන්වීමට ඇතැම් මාධ්‍ය ආයතන කටයුතු කිරීමය.

ලංකාවේ music video කරන පිරිසකට ඇති ලෙඩකි views උන්මාදය. ඒක ලබා ගත හැකි අලුත්ම ක්‍රමය sex ය. Sex scene එකක් දාගත්තොත් වැඩේ ගොඩය. වැඩේට ඕනේ එක කෙල්ලයි. කොල්ලො දෙන්නෙකි. Script නම් අවශ්‍යම නැත. උන් තුන්දෙනා ලස්සනට වැඩේ කරනු ඇත. ඊළඟට කෙල්ලට ලස්සන වීදුරු වගේ කොට ඇඳුමක් අන්දවිය යුතුය. නැත්නම් පට්ට තද ඇඳුමක් ඇන්දවිය යුතුය.  ඊළඟට sex scene එකට අවශ්‍ය බ්‍රා එක තෝරාගත්තහම වැඩේ හරිය. එක කොල්ලෙක් බූට් එක කද්දී අනිත් එකාට කෙල්ල සේරම පූජා කරනවාය. පව් අනිත් එකාට කණට පාරක් වැදෙනවාමය. Shot එක profile එකෙන් ලස්සනට කැමරාවට හසු වෙනවාය. මේ අතර සිංදුව කියන එකාගේ වචන නම් ඇහෙන්නෙම නැත. සිංදුව  ඉඳහිට ගායකයා පපුව බඩ අල්ලමින් කෑ ගහද්දී අපට ඇසෙයි. නැත්නම් මෙගා ඉෂි අම්මා ජාතියේ නාට්ටියකම ශෝර්ට් එකකට පසුබිම් සංගීතයක් දුන්නා වගේය.

‍යන්තම් 18 පැන්න ගමන් නංගීලාට පට්ටම ජනප්‍රිය විය හැකි මාධ්‍යකි music video . අවශ්‍ය වන්නේ ඇඟ පත පොඩ්ඩක් හොලවන්න කොල්ලෙක්ට ඇහැක් ගහන්න අඟ පසඟ ටිකක් පෙන්නන්න හැකියාව පමණකි. රංගනය සම්බන්ධව අඹමල් රේණුවක දැනීමක් අවැසි නැත. දැං තියෙන සමහර script වගේ එව්වා රඟපාන්න ඇත්තටම රංගනය හැදෑරු අයට නොහැකිය. සේරම සල්ලිය. රුපියල් ලක්ෂයකට music video එකක් අරන් ඒ සල්ලි රට වටේ මිනිස්සුන්ට බෙදමින් මාධ්‍ය සාරධර්ම තුට්ටුවට මයිම් නොකරන මාධ්‍ය ආයතන වලට නම් මේක පට්ටම ඉල්ලමකි.

music video වලට sex  ගාවා ගැනීම ගැන කිසි ප්‍රශ්නයක් අපට නැත. එහෙත් views මේනියාවෙන් sex scene බලෙන් ඔබ්බවා ගැනීම ගැන නම් අපේ කිසි මනාපයක් නැත. එක අතකට අද ලියැවෙන සමහරක් ගීත වලට ගැලපෙන රූපරචනාවක් කළ හැකිද යන්නත් ගැටළුවකි. මේ අස්සේ නිර්මාණශීලී වෙනස්ම රූපරචනාත් හමුවේ. එයින් සමහර  ඒවායේ සරාගයටත් වඩා sex තිබේ. එහෙත් ඒවා එළියට එන්නේ නැත. පවතින ක්‍රමය තුළ එය මාර්කට් කරන්නට කිසිවෙකු භාරනොගනී. ඊට වඩා සල්ලි වියදම් කළ හැකි කෙකර ගාන්නෙකුගේ කුණු ගොඩකට අත ගසා හම්බ කළ හැකිය.
කෙසේ වෙතත් නිර්මාණශීලී නැවුම් music video කලාවක් බිහිකළහැකි පිරිසක් ලංකාවේ සිටින බව මම විශ්වාස කරමි. තම තම හැකි පමණින් ඔවුන් අලුත් නිර්මාණ කරමින් සිටින අතර  ඊට යම්කිසි වූ වෙළඳපොළ වටිනාකමක් ලැබිය යුතු ව ඇති කාලය මෙය බවද පවසමි. නැත්නම් අනාගතේ හැමෝටම වෙන්නෙ සාරි පොටක් අල්ලගෙන දඟලන්නටය.

මීට මලියා වෙමි

4 comments: